තම ප්‍රදේශයේ පදිංචිකරුවන්ිගේ අභිවෘද්ධිය සඳහා කාන්තාවන් විසින් පිහිටුවාගත් කාන්තාවන්ම නිලතල දරන අන්යෙන්යාධාර සමිතියක් පසුගියදා පිහිටුවාගනු ලැබුණි. මෙම සමිතිය ඉංගිරිය ඉමගිර එකමුතු අවමංගල්‍යාධාර සමිතියයි. සාමාජික පවුල්වල අවමංගල්‍ය කටයුතු අවස්ථාවලදී පිහිටවීමේ පරමාර්ථයෙන් ඇරඹි මෙම සමිතියේ දෙවන සංවත්සරය ඉකුත්දා පැවැත්විණි. සමිතියේ සභාපතිනි තිලකා රාජපක්ෂ මහත්මිය පැවසුවේ දැන් එම සමිතිය අවමංගල්‍යාධාර සඳහා පමණක් සීමා නොකර සාමාජික පවුල්වල අභිවෘද්ධිය සඳහා විවිධ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි. දැනට මෙම සමිතිය සාමාජික නිවෙසක අවමංගල්‍ය අවස්ථාවකදී එම අවමගුල් නිවසේ ආහාර පාන සැපයීමේ කටයුත්තටද දායකත්වය ලබාදෙන බවද පිරිමි පක්ෂයට පමණක් සෑම බරක්ම දැරීමට බැරි මෙවන් යුගයක ඒ අයටද මෙම සමිතිය අස්වැසිල්ලක් බව ඇය පැවසුවාය. දැනට මෙම සමිතියේ සාමාජික කාන්තාවන් ගණන 30 දෙනෙකි. එය 50 දක්වා ඉදිරි වසරේදී ඉහළ නැංවීමට ඇය බලාපොරොත්තු වෙයි.මෙම සමිතියේ ලේකම්ධූරය ප්‍රේමා පතිරාජ මහත්මිය දරන අතර, ඉන්ද්‍රාණි ආරියලතා මහත්මිය භාණ්ඩාගාරික ලෙස කටයුතු කරන්නීය.
