හොරණ ප්‍රාදේශීය සභාවේ ඉංගිරිය උපකාර්යාලය නව ගොඩනැගිල්ලකට ගෙනයාමේ උත්සවයක් පසුගියදා පැවැත්විණි. ඉංගිරිය නව බස් නැවතුම්පොල ගොඩනැගිල්ලේ පහත මාලයේ තිබූ මෙම කාර්යාලය වැඩි දියුණුකර ඉහත මාලයට ගෙනගොස් තිබුණි. මෙම නව කාර්යාලය සුභ මොහොතින් විවෘත කිරීම හොරණ ප්‍රාදේශීය සභාවේ සභාපති යාමිත් චන්දන හතුරුසිංහ මහතා ඇතුළු ආරාධිත අමුත්තන්ගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි. එමෙන්ම පොදු ජනතාවගේ අවශ්‍යතා පහසු කිරීම උදෙසා සභාපතිවරයා ඉංගිරිය කාර්යාලයේදී හමුවීමට මහජන දිනයක්ද වෙන්කර තිබුණි.
