පොලිස් නිලධාරීන්ට ප්‍රථමාධාර පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද විශේෂ එක්දින ප්‍රථමාධාර වැඩමුළුවක් ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී පසුගියදා පැවැත්විණි. ඉංගිරිය පොලිස් ස්ථානාධිපති උදය කුමාර, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ශිරානි දමයන්ති, මහජන සම්බන්ධතා නිලධාරිනී නිලන්ති වනිගසේකර සහ රථවාහන අංශයේ පොලිස් කොස්තාපල් වීරතුංග යන මහත්ම මහත්මීන් විසින් සංවිධානය කරන ලද මෙම වැඩමුළුව සඳහා ඉංගිරිය මෙන්ම පානදුර පොලිස් ස්ථානයේද නිලධාරීහූ සහභාගී වූහ. කොළඹ රතුකුරුස සංගමයේ ජ්‍යෙෂ්ඨ ප්‍රථමාධාර උපදේශක ලලිත් ජයරත්න මහතා න්‍යායාත්මක සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් රැසක් මගින් ප්‍රථමාධාර පිළිබඳ පුළුල් දැනුමක් සහභාගීවූවන් සඳහා ලබාදුන්නේය. ඉංගිරිය පොලීසියේ ස්ථානාධිපතිගේ සිට සියලුම අංශයන්හි සේවයේ නිරත නිලධාරීන් සියලු දෙනාම මෙම වැඩසටහන සඳහා සහභාගී වූ අතර, වැඩසටහන අවසානයේදී සහභාගීත්වය වෙනුවෙන් සියලු දෙනාට නිල ලංඡනයක් සහ සහතික පත්‍රයක් පිරිනැමීම සිදුකරන ලදී.
