ත්රිවිධ හමුදා රණවිරුවන්ට සහ ජනාධිපතිතුමන්ට, ආරක්ෂක ලේකම්තුමාට සෙත්පතා හොරණ ප්රාදේශීය සභාව සහ ඉංගිරිය ප්රදේශවාසීන් එක්ව සංඝයාවහන්සේලා සිය නමක් සහභාගීත්වයෙන් පවත්වන්නට යෙදුන මහා දානමය පිංකම සංඝයාවහන්සේලා 120නමකට ආසන්න සහභාගීත්වයෙන් මැයි මස 23 වන ඉරුදින ඉංගිරිය දීපාලෝක විහාරස්ථානයේදී පැවැත්විය. මෙම අවස්ථාව සදහා ප්රදේශවාසීන් බොහෝ පිරිසක් වර්ෂාවද නොතකා සහභාගී විය. හොරණ ප්රාදේශීය සභාවේ ගරු සභාපති යාමිත් චන්දන හතුරුසිංහ මහතාගේ ප්රධානත්වයෙන් පැවැති මෙම දානමය පිංකම සදහා ඉංගිරිය පොලිස් ස්ථානාධිපතිතුමා, මන්ත්රීවරුන් ඇතුළු ප්රභූවරුන් රැසක් සහභාගී විය.
