ඉංගිරිය කළණ මිතුරු සමාජය විසින් 10 වන වරටත් සංවිධානය කළ මහා ලේ දන්දීමේ පිංකම මැයි මස 28වනදා ඉංගිරිය දීපාලෝක විහාරස්ථානයේදී 150කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විය. මෙම අවස්ථාවට සහභාගීවූ සහ තමන්ට හැකි පමණින් දායකත්වය ලබාදුන් සැමට කළණ මිතුරු සමාජය සිය හෘදයාංගම ස්තූතිය පළ කර සිටියහ.
