ඉංගිරිය කළණ මිතුරු සමාජය 11 වන වරට සංවිධානය කළ ලේ දන්දීමේ කඳවුර ඉංගිරිය දීපාලෝක විහාරස්ථානයේදී පැවැත්විය. ඉතා සාර්ථකව පැවැති මෙම ලේ දන්දීමේ කඳවුර සඳහා විශාල පිරිසක් සහභාගීවූහ. 180 දෙනෙකු පමණ ලේ දන්දීම සඳහා දායක වූහ. විශාල පිරිසක් ලේ දන්දීම සඳහා ඉදිරිපත්වීම හේතුවෙන් දායකයන් ගනන සීමා කිරීමට පවා සංවිධායක මණ්ඩලයට මෙහිදී සිදුවිය. ලේ ගැනීම සඳහා නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයේ නිලධාරීන් පැමිණ සිටියහ.
