හඳපාන්ගොඩ හා කඳනපිටිය ග්‍රාම නිලධාරී කොට්ඨාස දෙක තුළදී ඉකුත් දා පැවති ජංගම සේවා වැඩසටහන් මගින් සමාජ සත්කාරයන් රැසක් සපුරාලීම සිදුවිය. ප්‍රාදේශීය ලේකම් චම්පා උපසේන මහත්මියගේ උපදෙස් පරිදි සමාජ සේවා නිලධාරී පී.ඒ.මහින්දපාල,සහකාර සමාජ සේවා සංවර්ධන සහකාර නිලධාරිනී නෙළුපානි කළුබෝවිල සහ අශෝක අමරතුංග යන මහත්ම මහත්මීන්ගේ මෙහෙයවීමෙන් එම ප්‍රදේශවල ග්‍රාම නිලධාරීන්ගේ සහ වැඩිහිටි කමිටුවල සහායෙන් පැවැති මෙම ජංගම සේවා වැඩසටහනට ප්‍රදේශවාසීහූ විශාල පිරිසක් සහභාගී වූහ. බස්නාහිර පළාත් සමාජ සේවා අංශය මගින් නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීමද සිදුවූ අතර ආයුරුවේද සායන, හැඳුනුම්පත් ලබාදීම ආදී කටයුතු රැසක්ම එහිදී සිදුවිය. මෙහිදී හඳපාන්ගොඩ මහා විද්‍යාලයේ පැවැති ආයුරුවේද වෛද්‍ය සායනයේදී ප්‍රධාන දිස්ත්‍රික් ආයුරුවේද ප්‍රජා සෞඛ්‍ය නිලධාරිනී රෝහිණී සිල්වා සහ සහකාර පුජා සෞඛ්‍ය නිලධාරිනී වන මාලිනී වැලිවිට, අජිත් පෙරේරා යන මහත්ම මහත්මීන් විසින් රෝගීන් පරීක්ෂා කළහ.