ඇසල පොහෝදින නිමිතිකරගෙන ඉංගිරිය නගරයේ වැඩසටහන් රැසක් සංවිධානය කර තිබුණි. බත් දන්සැල්, පහන්කූඩු ප්රදර්ශන මෙන්ම නොමිලයේ කැලණිය දක්වා විශේෂ බස් සේවාවක්ද සංවිධානය කර තිබුණි. ඉංගිරිය පෞද්ගලික බස් රථ සංගමය විසින් මෙම බස් සේවාව යොදවා තිබුණි. මෙමගින් විශාල පිරිසකට නොමිලයේ කිසිදු මග වියදමක් නොමැතිව කැලණිය වැදපුදා ගැනීමට අවස්ථාව ලැබිණ. ඌරුගල ශ්රී තපෝධනාරාම විහාරස්ථානයේදී විශේෂ ඇසල කලාපයක්ද සංවිධානය කොට තිබුණි.