ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ඉංගිරිය ශාඛාව පසුගියදා ඉංගිරිය නගරයේදී විවෘත විය. දියුණුවෙමින් පවතින නගරයක් වන ඉංගිරිය නගරයේ ඉදිවන බැංකු ශාඛා අතරට එකතුවුණු නවතම බැංකු ශාඛාව වන ජාතික ඉතිරිකිරීමේ බැංකුව විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යහපාලනය හා යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා සහභාගී විය. ඉංගිරිය,රයිගම් උඩගහපත්තුව විවිධ සේවා සමූපාකාර සමිතියේ සභාපති සුනිල් ජයකොඩි මහතා විසින් කෝටියක මුදලක් පලමු ගනුදෙනුව ලෙසින් ආමාත්‍යවරයාට භාරදී බැංකුව විවෘත කළහ. කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී පී.ඩී. අබේරත්න ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාන සඳහා සහභාගී විය.