ජූනි 22 සිට ජූනි 29 දක්වා යෙදෙන මත්ද්‍රව්‍ය නිවාරණ සතිය නිමිත්තෙන් ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා මත් ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්යසාධක බලකාය සංවිධානය කළ මත් ද්‍රව්‍ය නිවාරණ පාගමනක් ඉංගිරිය නගරයේ වීදි සංචාරය කෙරිණි. ඉංගිරිය පොලීසිය, ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, ප්‍රාදේශීය වැඩිහිටි සංවිධාන, රාජ්‍ය ආයතන හා ඉංගිරිය අවට පාසල් මෙම පාගමනට එක්ව සිටියහ. ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වීදි නාට්‍ය කණ්ඩායම සංවිධානය කරන ලද මත් විරෝධී වීදි නාට්‍යක්ද ඉංගිරිය නගරයේදී රඟ දැක්වීම සිදුකෙරිණි.