ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරියෙකු ලෙස සේවය කරන රත්මල්ගොඩ පෝරුවදණ්ඩ පදිංචි අයි.කේ.වසන්ත කුමාර කරුණාරත්න මහතා 288 ඉංගිරිය සමථ මූල මණ්ඩල සභාපතිවරයා ලෙස දෙවනවරටත් තේරී පත්විය.
මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත කොට්ඨාසයේ මන්දාරම් නුවර කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබා හොරණ විද්‍යාරත්න විශ්ව විද්‍යා පීඨයේ අධ්‍යාපනය හැදැරූ මොහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිධාරියෙකි. බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා ඇත.
විද්‍යාරත්න විශ්ව විද්‍යා පීඨයේ වසර 08ක ගුරු සේවයෙන් අනතුරුව දැනට ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන කරුණාරත්න මහතා ලංකාවේ ලාබාලම සමථ මූල මණ්ඩල සභාපතිවරයා වේ.