ප්රදේශවාසියකු විසින් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලබා දුන් තොරතුරක් අනුව සිදු කරනු ලැබූ පරීක්ෂණයකදී මත් ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට ඉංගිරිය පොළිස් නිළධාරීන් සමත් විය. පසුගිය දිනෙක පොලිස් හදිසි ඇමතුම් අංකයට (119) ලැබුන ඇමතුමකින් කියවුනේ ඉංගිරිය ප්‍රදේශයේ ගංජා තොගයක් සමග සැරිසැරු තරුණයෙකු පිළිබඳවයි. වහාම ක්‍රියාත්මක වූ ඉංගිරිය පොළිස් නිළධාරීන් සිදු කරනු ලැබු මෙහෙයුම සාර්ථක වූයේ ගංජා තොගය සමග සැකකරු අත් අඩංගුවට පත් වීමෙනි.අත් අඩංගුවට පත් වන අවස්ථාවේ සැකකරු සමග ගංජා ග්‍රෑම් 452 කට ආසන්න ප්‍රමාණයක් තිබී ඇත.ඉංගිරිය හඳපාන්ගොඩ ප්‍රදේශයේදී මෙම සැකකරුව අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ අසල නවතා තිබූ ත්‍රීරෝද රථයක්ද වැඩි දුර ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන ඇත.මෙම සැකකරු 23 හැවිරිදි කඳනපිටියේ පදිංචි තරුණයෙකි. මෙම සිදූවීම සම්බන්දයෙන් වැඩිදුර පරීක්ෂණ සඳහා පානදුර ජ්‍යෙෂ්ඨ පොළිස් අධිකාරී එච්.එම්.ධර්මසේන මහත්මා සහ හොරණ සහකාර පොළිස් අධිකාරී සමන් රත්නායක මහත්මාගේ උපදෙස් පරිදි ඉංගිරිය පොළිස් පරීක්ෂක උදය කුමාර මහතා මෙහෙයුම් අරඹා ඇත.