ඉංගිරිය පොලිස් ස්ථානය සහ එහි නිලධාරීන් සදහා පරීක්ෂණයක් පසුගියදා පානදුර කොට්ඨාස භාර පොලිස් අධිකාරී H.M.ධර්මසේන මහතාගේ සහභාගීත්වයෙන් ඉංගිරිය පොලිස් ස්ථානයේදී පැවැත්විණි. මෙහිදී තම වෘත්තිය, ගෞරවයද ආරක්ෂාවන පරිදි මහජනතාව වෙනුවෙන් වඩාත් පලදායී සේවයක් ලබා දෙන්නේ කෙසේද යන්න පිළිබඳව ධර්මසේන මහතා ඔවුන්ව දැනුවත් කළ අතර තමන්ට අවශ්‍යය සේවා පොලීසියෙන් ලබා ගන්නා ආකාරය පිළිබඳව පොලිස් ස්ථානය සහ මහජනතාව අතර පැවතිය යුතු සම්බන්ධතාවේ පැවැත්ම සහ එහි ස්වභාවය පිළිබඳව ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ශ්‍රවණාගාරයේදී පැවැති සම්මන්ත්‍රණයකදී සිවිල් ප්‍රජාව දැනුවත් කරනු ලැබීය. පොලිස් අධිකාරීවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන් දෙකෙහි ප්‍රධාන අරමුණ වූයේ පොලීසිය සහ මහජනතාව අතර සුබදායී සම්බන්ධතාවයක් ඇති කරලීමයි. මෙහිදී රැස්ව සිටි පිරිස ඇමතූ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් W.P.C.M.උපසේන මහත්මිය පැවසුවේ ත්‍රස්තවාදයෙන් අපේ මව්බිම ආරක්ෂා කර ගැනීමට එදා පොලීසියත් සමග සිවිල් ජනතාව අත්වැල් බැඳගත් ආකාරයටම අද සාරධර්ම පිරිහීගිය මිනිසුන් නොමිනිසුන් ලෙස ක්‍රියා කරන මේ යුගයේ පවතින මෙම සමාජීය ත්‍රස්තවාදය පැරදවීමටද සිවිල් ජනතාව පොලීසියට තම සහයෝගය ලබාදිය යුතු බවයි. ඉංගිරිය පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් සියල්ල නියෝජනය වන පරිදි සිවිල් කමිටු සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා ඉංගිරිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උදය කුමාර, ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂිකා ශිරානි දමයන්ති, මහජන සම්බන්ධතා නිලධාරිනී S. වනිගසේකර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.