ජීව අත්බෝම්බයක් සමග ඉංගිරිය පොලීසිය මගින් ඉංගිරිය ප්රදේශයේ දී අත් අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනෙක් අද (29) හොරණ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නො.07 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හොරණ මහේස්ත්රාත්වරයා නියෝග කළේය.
ඉංගිරිය පොලීසියට ලැබුණු තොරතුරක් මත (28දා) ඉංගිරිය පානදුර මාර්ගයේ ඉංගිරිය නගරය ආසන්නයේ දී මාර්ග බාධකයක් යොදා අත්අඩංගුවට ගත් පැණි බීම බෙදා හරින කුඩා ලොරි රථයක් පරීක්ෂා කිරීමේදී ජීව අත්බෝම්බයක් අගල් 9ක් දිග රන් දම්වැල් කැබැල්ලක්, පිහියක්,මුහුණු ආවරණ 02ක්,අත් ආවරණ කට්ටල 03ක් සොයා ගෙන ඇත.සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සූදානම් වීමේදී එක් සැකකරුවෙක් පැන ගොස් ඇත.
අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් ප්රශ්න කිරීමේදී හොරණ නගරයේදී පැහැරගන්නා ලද යතුරු පැදියක් සොයා ගෙන ඇති අතර කළුතර,දොඩංගොඩ,මොරගහහේන,මතුගම ආදී ප්රදේශවල හොරකම් කිහිපයකටද සම්බන්ධ බවටද හොරණ නගරයේ ව්යාපාරික ස්ථානයක සිදූවූ විශාල හොරකමක් පිළිබදව සැකපිට අත්අඩංගුවට ගෙන ඇපමත මුදාහැර ඇති පුද්ගලයින් බවද අනාවරණය වී ඇත.
අගලවත්ත පදිංචි කනන්විලගේ ප්රසන්න කුමාර (අවු.28) සහ පත්බේරිය කරඩුව පදිංචි මිල්ටන් ජිනසේන (අවු36) යන දෙදෙනා මෙසේ අත්අඩංගුවට ඇති අතර පලා ගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට ඉංගිරිය පොලීසිය මෙහෙයුම් සිදුකෙරේ.
ඉංගිරිය පොලිස් ස්ථානාධිපති නලින් දර්ශන අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පො.ප.සංජීව,පො.සැ.25320 සිසිර, පො.කො.42933 රාමනායක, පො.කො.41102 ශාන්ත, පො.කො.84038 අබේදේව, පො.කො.64581 යන නිලධාරිහූ මෙහෙයුම් කටයුතු සිදුකරති.