ඉංගිරිය පොලිස් නිලධාරීන් සිදු කළ වැටලීමකදී මහා පරිමාණයේ තිප්පලක් වටලා ගෝඩා සහ උපකරණ සමග සැකකරුවකූ අද දින අත්අඩංගූවට ගත් බව පොලීසිය පවසයි.
පාදුක්ක බෝපේ කඳනපිටිය නිවසක පිටුපස කාලයක් තිස්සේ මෙම නීතී විරෝධී කසිප්පු පෙරීම සිදුකර ඇති බව පොලීය පවසයි.
ඉංගිරිය පොලිසියේ වැටලීම් අංශයේ නිලධාරීන් කළ සංචාරයකදී මෙම වැටලීම සිදුකර ඇති අතර මෙහිදි ගෝඩා ඩ්රෑම් 2020 ක් අඩංගූ බැරල් 04ක් හා ගෝඩා ඩ්රෑම් 2040 අඩංගූ බැරල් 01, ගෑස් සිලින්ඩර් 02, ගෑස් ලිප් 01 අවු 30ක් වයස පුද්ගලයකූ අත් අඩංගූවට ගෙන ඇත. මොහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. කළුතර දිසාව නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතූවක්කූ පානදුර කොට්ඨාශ භාර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී ලක්සිරි වීජේසේන හොරණ පොලිස් අධිකාරී විජිත රණබාහු කරුණාකලගේ මහත්වරුන්ගේ් උපදෙස් මත ඉංගිරිය වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නලින් සංජීව මහාතාගේ මෙහෙය වීමෙන් වැටලීම් අංශයේ පො.සැ.25320 සිසිර,පො.සැ.41085 කළුබෝවිල, පො.කො 39829 සමරසිංහ, පො.කො 41102 ශාන්ත, පො.කො 13022 ගංගා, පො.කො 78714 ආරියරත්න, පො.කො.රි 89694 ඒකනායක, පො.කො.රි 89774 සංකල්ප, යන නිලධාරීන් මෙම වැටලීම සිදුකර ඇත.