ඉංගිරිය හඳපාන්ගොඩ සිදුකල වැටලීමකදී ලීටර් 10050ක් අඩංගූ බැරල් 5ක් හා ගැස් සිලින්ඩරයක්, ගැස් ලිපක්, දඹ දඟරයක් හා කසිප්පු ඩ්රෑම් 80ක් අඩංගූ කෑන් 02ක් සමග එක් පුද්ගලයකූ 04 වනදා ඉංගිරිය පොලීසිය විසින් අත් අඩංගූවට ගෙන ඇත.
ඉංගිරිය පොලිසියේ වැටලීම් අංශයේ නිලධාරීන් සිදු කල සංචාරයකදී හඳපාන්ගොඩ දෙමටහැත්ත ප්‍රදේශයේ නිවසක් පිටුපස කලක් තිස්සේ රහසිගතව පවත්වාගෙන ගිය මෙම කසිප්පු තිප්පල වටලා අවු38ක පුද්ගලයකූ ද අත් අත්අඩංගූවට ගෙන ඇති අතර පෝරුවදණ්ඩ පැල්පිටගොඩ පදිංචි කරුවකි. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
කළුතර දිසාව නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතූවක්කූ පානදුර කොට්ඨාශ භාර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී ලක්සිරි වීජේසේන හොරණ පොලිස් අධිකාරී විජිත රණබාහු කරුණාකලගේ මහත්වරුන්ගේ් උපදෙස් මත ඉංගිරිය වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නලින් සංජීව මහාතාගේ මෙහෙය වීමෙන් වැටලීම් අංශයේ පො.සැ.25320 සිසිර,පො.සැ.41085 කළුබෝවිල, පො.කො 39829 සමරසිංහ, පො.කො 41102 ශාන්ත, පො.කො 13022 ගංගා, පො.කො 78714 ආරියරත්න, පො.කො.රි 89694 ඒකනායක, පො.කො.රි 89774 සංකල්ප, යන නිලධාරීන් මෙම වැටලීම සිදුකර ඇත.