ඉංගිරිය පොසොන් කලාපය වෙනුවෙන් ඉංගිරිය පොලිස් ස්ථානය විසින් වැඩසටහන් රැසක් සංවිධානය කර තිබුණි. පොලිස් පරිශ්රයේ අලංකාරව ඉදිකර තිබූ මිහින්තලා ගල් තලාව කාගේත් සිත් ගත්හ. භක්ති ගීත ප්රසංගයක් සහ කෝපි දන්සැලක්ද සංවිධානය කර තිබුණි. මෙම අවස්ථාව විවෘත කිරීම සදහා පාර්ලිමේන්තු මන්ත්රී විදුර වික්රමණායක මහතා, ඉංගිරිය ප්රාදේශීය ලේකම්වරිය සහ ප්රදේශවාසීන් රැසක් සහභාගීවූහ.