සිංහල හා හිංදු අළුත් අවුරුද්ද වෙනුවෙන් වාර්ෂිකව පවත්වනු ලබන ඉංගිරිය අවුරුදු උත්සවය මෙවරද ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. විශාල අංග ගණනාවකින් සමන්විතවූ අවුරුදු උත්සවය නැරඹීම සදහා විශාල පිරිසක් සහභාගීවී සිටියහ. මුළු දවස පුරාම පැවැත්වීම සදහා තරග සංවිධානය කර තිබුණද වර්ෂාව නිසා සවස් කාලයේදී එම තරග අවලංගු කිරීමට සිදුවිය. එහෙත් වැසිබර කාලගුණය නොතකා සවස් වනතුරුම බොහෝ පිරිසක් ගාමිණී මධ්‍ය මහා විද්‍යාල භූමියේ රැදී සිටියහ. පාපැදි සවාරිය, තිරික්කල් රේස්, ගම හරහා දිවිම වැනි තරග නැරඹීම සදහා ජනතාව මග දෙපස රැස්වී සිටිනු දක්නට ලැබුණි. රන්සිලු මිතුරු සමාජය විසින් මෙම බක්මහ උළෙල සංවිධානය කර තිබුණි. වැසි බර කාලගුණය මධ්‍යයේද උත්සවය අවසානයේ මල්වෙඩි සංදර්ශනයක් පවත්වනු ලැබීය.