288 ඉංගිරිය සමථ මූල මණ්ඩලයේ සභාපති වසන්ත කුමාර කරුණාරත්න සහ උප සභාපති ලුණුගම්වෙහෙරේ විනීත හිමිපාණන්ගේ අදහසකට අනුව සියලුම සමථකාර මහත්ම මහත්මින් විසින් බොරලුගොඩ වැඩිහිටි නිවාසය සහ භුමිය පිරිසිදු කොට නේවාසික වැඩිහිටි අම්මාවරුන් සඳහා දම්දෙසුමක් පවත්වා ඔවුන්ට ආහාර පානාදියෙන් සංග්රහ සත්කාර කිරීමේ ප්රජා වැඩ සටහනක් ඉතා සාර්ථකව නිමා කරන ලදී.