ජනපති ජන්ම දිනය සහ පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් ඉකුත් 19 වැනිදා ජනතා අයිතියට පැවරීමට නියමිතව තිබියදී විදුලි බල මණ්ඩලය විදුලිය සපයා නොතිබීම නිසා විවෘත කිරීමට නොහැකි වූ ඉංගිරිය සොයිසාවත්ත නව ගම්මානයේ විදුලි යෝජනා ක්‍රම ඉකුත් 21 වැනිදා හොරණ ප්‍රාදේශීය සභාවේ උප සභාපති අශෝක රණතුංග මහතා විසින් විවෘත කරන ලදී. 19 වැනිදා රාත්‍රියේ මෙය විවෘත කිරීම සඳහා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා පැමිණි අතර, විදුලිය ලැබීමේ ප්‍රීතිය නිමිත්තෙන් විවිධ ප්‍රසංග, සංගීත සංදර්ශන ආදියද ප්‍රදේශවාසීන් එදින සූදානම් කර තිබූ අතර, පසුව විදුලි උත්පාදක යන්ත්‍ර යොදවා එම කටයුතු කරගෙන යාමට මන්ත්‍රීවරයා විසින් පහසුකම් සලසා දෙනු ලදී. මෙම පුවත මාධ්‍ය මගින් රටට හෙළි කර පැය කිහිපයක් තුලදී, අඳුරේ සිටි පවුල් 67කට විදුලිය ලැබීම පිළිබඳව සොයිසාවත්ත නව ගම්මානයේ වැසියෝ මාධ්‍ය වෙත සිය ප්‍රසාදය පළ කළහ.