දක්ෂිණ අධිවේගී මාර්ගයට පවරා ගත් පාර දෙපස හිස් බිම් තීරුවල රෝපණය සඳහා හල්මිල්ල, ගිරිහඬු, ලුණුමිදෙල්ල, කුඹුක් සහ ඇලස්ටෝනියා වර්ගවල පැළ 4000ක් ලබාදීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පවත්වාගෙන යන ඉංගිරිය අඩවි වන කාර්යාල පරිශ්‍රයේ පිහිටි “හරිත වන අරණ” සූදානම් බව ඉංගිරිය අඩවි වන නිලධාරී පී. එස්. එල්. ජයසිංහ මහතා පැවසීය. ඉංගිරිය අවට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතකටම ඇත්තේ මේ පැළ තවාන පමණක් බව කී ජයසිංහ මහතා ජාතික වැඩසටහන්වලදී සහ පොදු ජනතා අවශ්‍යතාවලදී නොමිලේ පැළ ලබාදෙන බවත් ඉල්ලුම්කරුවන් සඳහා සහන මිලකට අවශ්‍ය ඕනෑම අවස්ථාකදී ලබා ගැනීම සඳහා පැළ වර්ග රාශියක්ම මේ පැළ තවාන තුළ තිබෙන බවත් හෙතෙම කීවේය. ඉංගිරිය අඩවි වන නිලධාරී පී.එස්. එල්. ජයසිංහ මහතා දක්ෂිණ අධිවේගී මාර්ගය සඳහා ලබාදීමට සූදානම් කර ඇති පැළ වර්ග මෙහිදී පෙන්වා දුන්හ.