ඉංගිරිය, ඌරුගල ශ්‍රී තපෝධනාරාම මහා විහාරයේ සද්ධර්මාරක්ෂක තරුණ බෞද්ධ සමිතිය සමග ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන ඇසළ බෞද්ධ සිතුවම් දැක්ම සහ තරගය 15,16 යන දිනවලදී ඌරුගල තපෝධනාරාම විහාරස්ථානයේදී පැවැත්වේ. ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් බල ප්රදේශාය් පදිංචි දහම් පාසල් දරු දැරියන් පමණක් මෙම චිත්‍ර තරගය සඳහා සහභාගී වූහ. 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වාද, 6 ශ්‍රේණියේ සිට 12 ශ්‍රේණිය දක්වාද කාණ්ඩ දෙකකින් තරග පැවැත්වුණ අතර ඊට අමතරව විවෘත තරගයක්ද පැවැත්විණි.
දිය සායම්, තෙල් සායම්, පැස්ටල් හෝ ඇක්රිලින් මෙම චිත්‍ර නිර්මාණය සඳහා භාවිතා කිරීමට අවසර දී තිබුණු අතර විශාල චිත්‍ර ප්‍රමාණයක් මෙම තරගය සඳහා ඉදිරිපත් කර තිබුණි.