“එකම රටක් එකම නීතියක්” යන තේමාව යටතේ ඉංගිරිය සහ හොරණ නගර වල නිහඬ විරෝධතාවයක් පැවැත්විණි. මෙහිදී ඉංගිරිය ශාසනාරක්ෂක බලමන්ඩලයේ විහාරස්ථාන වල ස්වාමීන් වහන්සේලා, ව්යාපාරික ප්රජාව, දේශපාලඥයින් ඇතුලු ඉංගිරිය ප්රදේශවාසීන් ඉංගිරිය බෝ සමිඳුන් අභියසට රැස්ව ආගමික වතාවත් වලට සහභාගී වී රථ පෙලපාලියකින් හොරණ නගරයේ පැවති විරෝධතා පාගමනට එක්වූහ. හොරණ නගරයට රැස්වූ හොරණ, බන්ඩාරගම ඇතුලු සෙසු ප්රදේශවල සංඝයාවහන්සේලා ප්රමුඛ ජනතාව හොරණ නගරය වටා විරෝධතා පාගමනක් ගමන් කලහ. ඉන් පසු හොරණ නගරයේ මෙන්ම ඉංගිරිය නගරයේද කඩ සාප්පු විරෝධතාවයට සහය දැක්වීම සඳහා වසා තැබුණි. එම හේතුවෙන් සවස් යාමයේ ඉංගිරිය නගරයේ සියලුම කඩ සාප්පු පාහේ වසා තිබෙනු දක්නට ලැබුණි.