2600 ශ්රී සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් ඉංගිරිය පොලීසියේ පූර්ණ සංවිධායකත්වයෙන් ඉංගිරිය ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සහාය ඇතිව ප්රදේශයේ දහම් පාසල් අතර භක්තිගීත තරගයක් ඉංගිරිය පොලිස් පරිශ්රයේදී පැවැත්වුණි. මෙම අවස්ථාව සදහා විශාල පිරිසක් සහභාගී වූහ. ඉංගිරිය පොලිස් පරිශ්රය අතුරු සිදුරු නැතිව ප්රේක්ෂකයන්ගෙන් පිරී තිබීම මෙහි විශේෂ සිදුවීමකි. මෙහිදී පැමිණි සිටි ප්රේක්ෂකයින්ට සංග්රහ කිරීමද සිදුවුණි. දහම් පාසල් 10ක් පමණ සහභාගී වූ මෙම භක්ති ගීත ගායනා තරගායන් ප්රථම ස්ථානය කුරණ ශ්රී සුමනජෝති දහම්පාසල දිනාගත් අතර දෙවන ස්ථානය දොඹගස්කන්ද ශ්රී පූර්වාරාම දහම්පාසල දිනාගනු ලැබුණි. තුන්වන ස්ථානය කැකුළලිය ශ්රී සද්ධර්මාලංකාර දහම්පාසල දිනාගත් අතර සිව්වැනි ස්ථානය දිනාගනු ලැබුණේ ඌරුගල ධර්මාලෝක දහම්පාසලයි. සහභාගීවූ සියලුම් දහම්පාසැල් සදහා මෙහිදී සහතිකපත්ර පිරිනැමිණ. මෙම අවස්ථාව වර්ණවත් කිරීම සදහා භානුක හංසජිත් ඇලපාත සහ තරිඳු ධනංජය කුමාර දරුවන්ගේ නර්තන අංගද ඇතුළත් කර තිබුණි. හොරණ ප්රාදේශීය සභාව, ඉංගිරිය ප්රාදේශීය ලේකම් කාර්යාලය සහ ව්යාපාරික විජය කුමාර මහතා මෙම අවස්ථාවට අනුග්රහය දක්වා තිබුණි.