620 ඩී නිමලගම නව ගම්මානයේ ලෑලි වලින් තනන ලද අබලන් නිවසක වෙසෙන පවුලක් වෙනුවෙන් සමෘද්ධි අධිකාරී “දිරිය පියස” වැඩ සටහනේ නව නිවසක් තනා දීමට මුල්ගල් තැබීමේ උත්සවයක් එම පැරණි නිවස තනා ඇති භූමියේදී කළුතර දිස්ත්ත්රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් චම්පා උපසේන මහත්මියගේ මග පෙන්වීමෙන් සමෘද්ධි කළමනාකාර අධ්‍යක්ෂිකා ජයන්තා රුක්මණී මහත්මියගේ අධීක්ෂණයෙන් සිදුවූ මෙම කටයුත්ත සඳහා ඇප කැප වී කටයුතු කළේ 620 ඩී නිමලගම නව ගම්මානයේ සමෘද්ධි සංවර්ධන නිලධාරී නිශාන්ත වීරසිංහ මහතාය. ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි සමාජ සංවර්ධන සහකාර පී.ඒ. අජිත්සිරි මංජුල මහතාද මේ සඳහා අවශ්‍යය සහයෝගය උපරිමයෙන් ලබා දුන්නේය. ඒ අනුව එම මහත්ම මහත්මීන්ගේ කැපවීමේ හා උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ලඟදීම නව නිවසකට ගොඩ වැදීමේ වාසනාව උදාකර ගන්නේ එම්. නන්දනී පෙරේරා මහත්මිය, එච්. විජේරත්න මහතා සහ පවුලේ සාමාජික සාමාජිකාවන්ය. හොරණ ප්‍රදේශයේ රබර් මෝලක රැකියාවේ යෙදෙන විජේරත්න මහතාගේ පවුලේ දරුවන් දෙදෙනෙකි. මින් බාල දියණියගේ වයස අවුරුදු තුනකි. උප්පත්තියෙන්ම ඇගේ වම් අත මැණිත් කටුව ලඟින්ම අහිමිය. වැඩිමහල් පිරිමි දරුවා තවමත් පාසල් වියේ පසුවෙයි. සමෘද්ධි අධිකාරියෙන් පිරිනමන රුපියල් ලක්ෂයක් වූ ප්‍රතිපාදන යටතේ මසක් වැනි කෙටි කාලයක් තුලදී ප්‍රාදේශයේ දානපතියන්ගේ ආධාර මත සහ ප්රදේශවාසීන්ාගේ ශ්‍රම දායකත්වයෙන් ගොඩනගා අවසන් කිරීමට බලාපොරොත්තු වන නව නිවසට මුල්ගල තබන ලද්දේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතාගේ සහ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් චම්පා උපසේන මහත්මිය විසිනි. හොරණ ප්‍රාදේශීය සභාවේ උප සභාපති අශෝක රණතුංග මහතා ඇතුඵ ප්‍රදේශවාසීහූ විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.