වසර ගණනක් තිස්සේ අලුත්වැඩියාවකට ලක් නොවී ගරා වැටෙමින් තිබූ ඉංගිරිය මහජන පුස්තකාලය වෙනුවට සියලු පහසුකම් වලින් සපිරි නව පුස්තකාල ගොඩනැගිල්ලක් දැන් ඉදිවෙමින් පවතී. පැරණි පුස්තකාලය අබලන් පැරණි ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය අතර එහි වහලෙන් වැසි ජලය ඇතුළට කාන්දුවීම, බිත්තිවල වේ හුඹස් බැඳීම මෙන්ම දොර ජනෙල්ද අබලන් තත්ත්වයක පැවතීම නිසා එම ගොඩනැගිල්ල පුතිසංස්කරණය කිරීමට නොහැකි තත්ත්වයක පැවතිණි. හොරණ ප්‍රාදේශීය සභාවේ සභාපති යාමිත් චන්දන හතුරුසිංහ මහතා පහසුකම් සියල්ලෙන්ම සමන්විත මෙම නව පුස්තකාල ගොඩනැගිල්ල රුපියල් කෝටි 6ක පමණ වියදමින් ඉදිකෙරෙයි. ඉංගිරිය නගරය කරා දිනපතා ඇදී එන දහස් සංඛ්‍යාත පාසල් සිසු දරු දැරියන්ට තිබූ බලවත් අඩුපාඩුවක් මෙම පුස්තකාලය විවෘත කිරීමත් සමග සපිරෙනු ඇත.