කළුතර ගොවිජන සංවර්ධන දිස්ත්‍රික් කාර්යාලය සංවිධානය කරල ලද ඉංගිරිය ප්‍රාදේශයේ වගා කටයුතුවල නිරත පුද්ගලයන්ට නොමිලයේ කෘෂි උපකරණ කට්ටල ප්‍රධානය කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතාගේ සහභාගීත්වයෙන් යුතුව ඉංගිරිය ගොවිජන සේවා සංවර්ධන මධ්‍යස්ථානයේදී පසුගියදා සිදු කෙරිණි. කාබනික පොහොර නිශ්පාදන ගම්මාන වැඩසටහන යටතේ සංවිධානය කරන ලද මෙම වැඩසටහනේදී පුද්ගලයන් 75 දෙනෙකුට උදළු මුල්ලුවක්, මල් බාල්දියක්, සවලක්, රේක්කයක් , පොලිතින් කිලෝ ග්‍රෑම් 5ක් සහ රොක් පොස්පේට් පොහොර කිලෝග්‍රෑම් 5කින් සමන්විත කෘෂි උපකරණ කට්ටල නොමිලයේ ලබාදෙන ලදී. කාබනික පොහොර නිශ්පාදනය සහ භාවිතය පිළිබඳ ගොවි ජනතාව දිරි ගැන්වීම මෙම වැඩසටහන මගින් බලාපොරොත්තු වන ප්‍රධාන අරමුණු වන අතර මීට පෙරාතුව මාකඳුර ගොවි මධ්‍යස්ථානයේදී කාබනික පොහොර නිශ්පාදනය සහ භාවිතය පිළිබඳ ලබාදුන් පුහුණුවක් මගින් ගොවීන්ට ඒ සඳහා අවශ්‍ය මූලික දැනුම ලබාදී තිබුණි. ඉංගිරිය ගොවිජන සේවා සංවර්ධන නිලධාරිනී ශානිකා නුගවෙල මහත්මිය, හොරණ ප්‍රාදේශීය සභාවේ උප සභාපති අශෝක රණතුංග, පොල් සංවර්ධන නිලධාරී එස්.ඒ. ප්රඥාරත්න යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.