හරිහැටි නිවසක් නොමැතිව ඉංගිරියවත්ත, ජන උදාන ගම්මනායේ දිවි ගෙවූ පවුලකට නව නිවසක් තනා පරිත්‍යාග කිරීම පසුගියදා සිදුවිය. සමෘද්ධි අධිකාරිය \”දිරිය පියස නිවාස\” වැඩසටහන යටතේ ඉදිකිරීම් ආරම්භ කළ මෙම නිවසේ කටයුතු සඳහා අවශ්‍ය උපදෙස් දීම හා අධීක්ෂණ කටයුතු සිදුකෙරුණේ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් චම්පා උපසේන මහත්මියගේ මූලිකත්වයෙනි. සමෘද්ධි කළමනාකාර අධ්‍යක්ෂවරිය වන ජයන්තා රුක්මනී මහත්මියගේ අධීක්ෂණය යටතේ සමෘද්ධි සමාජ සංවර්ධන නිලධාරී පී.ඒ. අජිත්සිරි මංජුල මහතා මෙම නිවාස හැකි ඉක්මණින් ඉදිකර දීම සඳහා දිවා රෑ නොබලා ඇප කැපවී වැඩ කළේය. හරිහැටි ඉදිනොකෙරුණු සිමෙන්ති ගල් එක්කර තනන ලද කුඩා කොටසක දිවි ගෙවූ එම්.කේ. ඥානවතී මහත්මියගේ පවුලේ අයගේ නව නිවසක සිහිනය සැබෑ කිරීමේ උත්සව අවස්ථාවට සහභාගී වූ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා නිවසේ පිවිසීමට පීත්ත පටිය කපා එම නිවසේ සමාජිකයන්ට බාර දුන්නේය. සමෘද්ධි අධීකාරියෙන් යොදවන ලද රුපියල් ලක්ෂයක ප්‍රතිපාදන මුදලින් ගොඩනැගීම් කටයුතු අරඹන ලද මෙම නව නිවස සාර්ථකව සාදා නිමකිරීම සඳහා ප්‍රදේශයේ දානපතියන්ගේ දායකත්වය ලැබුණු අතර ප්‍රදේශවාසී ජනතාවගෙන් ඒ සඳහා ශ්‍රම දායකත්වය ලැබුණි. සමෘද්ධි සංවර්ධන නිලධාරී නිශාන්ත වීරසිංහ මහතා හා හොරණ ප්‍රාදේශීය සභාවේ උප සභාපති අශෝක රණතුංග මහතා ඇතුළු විශාල පිරිසක් මෙම නිවස විවෘත කිරීමේ අවස්ථාවය සහභාගී වූහ.