බියගම ප්රදේශයේදී පැහැරගනු ලැබ සාපරාධී ක්රියාවන්ට යොදාගත් බවට සැක කෙරෙන ත්රීරෝද රියක් ඉකුත්දා ඉංගිරියේදී අත්අඩංගුවට ගැනීමට ඉංගිරිය පොලීසියේ නිලධාරීහූ සමත්වූහ. අලුයම 4ට පමණ සෝදිසි මෙහෙයුම්වල යෙදී සිටි පො.කො. 38835 ජගත් වීරතුංග සහ සිවිල් ආරක්ෂක භට 5344 විජේරත්න යන නිලධාරීන්ට ඇතිවූ සැකයක් මත නතර කිරීමට කළ සංඥාව නොතකා පලාගිය මෙම ත්රීරෝද රිය පසුපස හඹාගොස් එය අත්අඩංගුවට ගෙන ඇති අතර එහි සිටි අතර එහි සිටි අය රිය අතහැර දමා පලාගොස් තිබිණි. රිය පරීක්ෂා කිරීමේදී වෙළඳසලකින් ඉවත් කර ගන්නා ලද බවට සැක සිතිය හැකි දොර ඉබ්බන් 2ක් සහ ඊට යොදන යකඩ පටියක්ද හමුව ඇති අතර මෙම රිය කිසියම් අපරාධයකට හෝ සොරකමකට යොදා ඇති බවට පොලීසිය සැක කරයි. ඉංගිරිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්රසන්න වැලිකල මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.