ඉංගිරිය පොලීසියට ලද තොරතුරක් මත හඳපාන්ගොඩ, වෙළ ඉහළ මඩකඩ රක්ෂිත වනාන්තරය තුළ කරන ලද මෙහෙයුමකදී ගෝඩා බැරල් 9ක් සමග මත්පැන් පෙරීමට උපයෝගී කරගන්නා ලද උපකරණ රැසක්ද අත්අඩංගුවට ගැනීමට ඉංගිරිය පොලීසියට හැකිවිය. මහ වන මැද කරන ලද පරීක්ෂා කිරීමකදී මෙම ගෝඩා තොගය අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවත් මෙම සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන සැකකරුවන් දෙදෙනෙකු පලාගොස් ඇති බවත්, එම පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට සියලු කටයුතු යොදා ඇති බවත් පොලීසිය පවසයි. පානදුර කොට්ඨාස භාර පොලිස් අධිකාරී එච්.එම්. ධර්මසේන මහතාගේ උපදෙස් පරිදි හොරණ සහකාර පොලිසි අධිකාරී සමන් රත්නායක මහතාගේ අධීක්ෂණය යටතේ ඉංගිරිය පොලිස් පරීක්ෂක ප්‍රසන්න වැලිකළ මහතාගේ මෙහෙයවීමෙන් නියෝජ්‍ය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නන්දසේන ඇලපාත, උප පොලිස් පරීක්ෂක සංජය, පොලිස් සැරයන් රංජිත්, පොලිස් කොස්තාපල් ලොකුවිතාන, නිශාන්ත, රණතුංග, ආරක්ෂක සහායක කුමාරසිරි, සිවිල් ආරක්ෂක අර්ජුන, විජේරත්න ඇතුළු නිලධාරීහූ මෙම මෙහෙයුමට එක්වූහ.