ඉංගිරිය ශ්‍රී සද්ධර්ම බෞද්ධ බල මණ්ඩලය මගින් 5 වන වරටත් සංවිධානය කළ මරණයට කැපවූ ගවයින් මුදා නිදහස් කිරීමේ මහා පුණ්‍ය කර්මය ඉංගිරිය පුස්තකාලය අසල බෞද්ධ සංගමය සතු භූමියේදී සිදුකෙරිණ. මෙහිදී ගවයින් 7 දෙනෙකුට අභය දානය දී නව අයිතිකරුවන් වෙත පවරනු ලැබුණි. එමෙන්ම මෙම අවස්ථාවට සමගාමීව එම භූමියේ නව බුදු මැදුරක් ඉදි කිරීමටද අවශ්‍ය කටයුතු ආරම්භ කෙරිණි.