ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යංශයේ ළමා ලේකම් කාර්යාලය මගින් ක්‍රියාවට නංවනු ලබන මුල් ළමාවිය රැකවරණ හා සංවර්ධන සතිය වැඩසටහන යටතේ මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ආදර්ශ ගම්මාන පිහිටුවීමේ වැඩසටහන පසුගියදා පැවැත්විණි. මෙහිදී නිලවශයෙන් ආදර්ශ ගම්මාන 15ක් ප්‍රකාශයට පත්කළහ. ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉංගිරිය බටහිර මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ආදර්ශ ගම්මානය නිලවශයෙන් ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා විසින් විවෘත කළහ. මුල් ළමාවිය ආදර්ශ ගම්මාන පිහිටුවීමේ ව්‍යාපෘතිය යටතේ තොරාගත් ගම්මානයේ පෙරපාසල් වැඩිදියුණු කිරීම හා අවශ්‍යය පහසුකම් ලබාදීම, පෙරපාසැල් වියේ පසුවන දරුවන් සිටින පවුල් ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම හා එම දෙමාපියන්ට පෙරපාසැල් අධ්‍යාපනයේ ඇති වැදගත්කම පිළිබඳ දැනුවත් බව ලබාදීම, මුල් ළමාවියේ දරුවන් සිටින පවුල් වල මව්වරුන් විදේශගතවීම් වැලැක්වීම සඳහා ඔවුන්ට ස්වයං රැකියා අවස්ථා සඳහා ආධාර අනුබලදීම එම පවුල්වල වැඩිහිටියන් මත්පැන්, මත්ද්‍රව්‍ය හා දුම්පානය වැනි අපචාර වලින් වලක්වාගැනීමට කටයුතු කිරීම පෙරපාසැල් ගුරුවරියන් පුහුණු කිරීම හා ඔවුන්ට පහසුකම් සැලසීම ආදී කටයුතු සිදුකිරීම මෙම වැඩසටහනේ පරමාර්ථයයි. ඉංගිරිය බටහිර මුල් ළමාවිය ආදර්ශ ගම්මානය විවෘත කිරීමේ අවස්ථාවට සමගාමීව ඉංගිරිය පොලිස් ස්ථානයේ ළමා මිතුරු පොලිස් කාර්යාල ඉදිකිරීම සඳහා මුල් ගල් තැබීම සහ එම ස්ථානයේ සෙල්ලම් මිදුල විවෘත කිරීමද මෙහිදී සිදුවිය. මෙම අවස්ථාවට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා ඇතුලු විශාල පිරිසක් සහභාගී විය.