ඉංගිරිය නම්බපාන ප්රදේශයේ වින්වුඩ් තේ කම්හල අසල සවස 5.30ට පමණ යතුරු පැදියක් සමග වෑන් රියක් ගැටීමෙන් සිදුවූ මාරක අනතුරකින් පසුව එම යතුරුපැදියේ ගමන්ගත් පුද්ගලයා ඉංගිරිය රෝහලට ඇතුළත් කිරීමට යන අතරතුරදී ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස අනතුරෙන් මිය ගොස් ඇත්තේ දුම්බරවත්ත, ඉංගිරියේ පදිංචි 27 හැවිරිදි තරුණයෙකි. සිද්ධියට අදාල වෑන් රථය සමග රියදුරු ඉංගිරිය පොලීසිය සැකපිට අත්අඩංගුවට ගෙනඇති අතර පසුව කරනලද පරීක්ෂණ කටයුතු වලදී සිද්ධියට අදාල එම යතුරුපැදිය මින් පෙර තවත් ලොරි රථයකද ගැටී ඇතිබව අනාවරණය කරගෙන ඇත. වැඩිදුරටත් සිදුකරණ පරීක්ෂණ කටයුතු වලින් පසු එම ලොරි රථයද අත්අඩංගුවට ගැනීමට ඉංගිරිය පොලීසියේ නිලධාරීන් සමත්ව ඇති අතර ඉංගිරිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්රසන්න වැලිකළ මහතාගේ උපදෙස් පරිදි රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක විජේරත්න සහ පොලිස් සැරයන් ජගත්චන්ද්ර යන මහත්වරු සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති.