ඉංගිරිය හඳපාන්ගොඩ හොරණ පාරේ රහසිගතව නීතිවිෙරෝධි කසිප්පු තිප්පලක් වටලා සැකකරුවන් දෙදෙනකු සමඟ ගෝඩා ලීටර් 500ක් හා පෙරීමට යොදා ගන්නා උපකරණ අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලීසිය පවසයි.
ගෝඩා ලීටර් 500ක් අඩංගු බැරල් 02ක්, ස්පීට් බෝතල් 45 අඩංගු බූලි 02ක්,ගෑස්සිලිඩර් 04ක්,ගෑස්ලිප් 02ක්, දඟර 03ක් සමඟ ෙමෙසේඅත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදනා ෙනොවැම්බර් 11 වන දින හොරණ මහේස්තාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත. ඉන් ප්රධන සැකකරු නොවැ.14 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර අනෙක් සැකකරු ඇප පිට නිදහස් කර ඇත. නොවැ.12 දින ඔහු උසාවිය වෙත අදාළ දඩ මුදල ගෙවීමට නියමිතය.
නිවස පිටුපස මීටර් 75ක දුරින් බිම වළක් හාරා පොළොව යට වැලලු ගෝඩා බැරල්වලින් මෝටරයක මාර්ගයෙන් පෙරීමේ කටයුතු සිදුකරන ලද බව මූලික පරීක්ෂණවලදී අනාවරණය විය. ඉංගිරිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නලීන් දර්ශන මහතාගේ උපදෙස්මත උප පොලිස් පරීක්ෂක ශිරානි වසන්ති, ෙපොලිස් සැරයන් වන (25320) සිසිර, (3000) තිලකසිරි(2534) ගාමිණි (55238) රූපසේන, පොලිස් කොස්තාපල්වරුන් වන (41102) ශාන්ත, (113022) ගංගා යන නිලධාරින් විසින් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරති.