ක්රිකට් ලෝක කුසලානය සදහා තරගවදින ශ්රී ලංකා පිලට සුභ පැතීම සදහා රටවටා චාරිකා කරන 1996 ලෝක ක්රිකට් කුසලානය සහිත රථ පෙරහැර පසුගියදා ඉංගිරිය නගරයට ලගාවිය. බොහෝ පිරිසක් මෙම අවස්ථාවට සහභාගීවූහ. රබර් පේන්ට් අත්ලෙහි තවරාගෙන තම අත් සලකුණ සටහන් කර ක්රීඩකයන්ට සුභපැතීමට මෙහිදී පැමිණි ජනතාව ක්රියාකළහ. 1996 ක්රිකට් ලෝක කුසලානය සියැසින් දැක ගැනීමටද මෙහිදී අවස්ථාව සැලසිණි.