ඉංගිරිය ශාසනාරක්ෂක මණ්ඩලයේ දහම් පාසල් 27ක සිසු දරුවන්ගේ 2018 දහම් පාසල් මාණ්ඩලික සිසු නිපුණතා ත්‍යාග හා සහතිකපත්‍ර ප්රදානෝත්සවය අද ඉංගිරිය නව රගහලේ දී පැවැත්විණි.
මෙම උත්සවයට ප්‍රධාන අනුග්‍රහය ලබා දී තිබුණේ සම්පත් බැංකුවයි.
ඉංගිරිය ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරි, මහ ඉංගිරිය බෝධිරාජාරාම මහා විහාරාධිපති, ඉංගිරිය විපුලසාර ස්වාමීන් වහන්සේ හා නියෝජ්‍ය ලේඛකාධිකාරී ලුණුගම්වෙහෙරේ විනීත ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැතිවිණි.
මෙහිදී සම්පත් බැංකුවේ ප්‍රධාන කළමණාකාර අශෝක මැණික්ගොඩ, සබරගමු පළාත් ප්‍රජා පොලිස් අංශ ප්‍රධාන කොල්වින් ආරියරත්න මහත්වරුන් විසින් වටිනා දේශන ද පැවැත්විණි.
ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් අයිරාංගනී වීරසිංහ,සහකාර ප්‍රාදේශීය ලේකම් ප්‍රසාද් පෙරේරා, දහම් පාසල් ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේලා,ගුරු භවතුන් හා සිසු දරුවෝ විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.