2019 ඉංගිරිය පොසොන් කලාපයට සමගාමීව සංවිධානය කරන ලද භක්තිගීත ප්‍රසංගයක් ඉංගිරිය නගර මධ්‍යයේදී ජූනි 17 සහ 18 දිනයන්හීදී පැවැත්විණි. ආරක්ෂක හේතූන් මත මෙවර වෙනදා මෙන් විශේෂාංග පැවැතුවූයේ නැති වුවද මෙම ප්‍රසංගය හේතුවෙන් ඉංගිරිය නගරය ඒකාලෝක විය. මෙවර වාර්ෂික පොසොන් තොරණද ප්‍රදර්ශනය නොවීම විශේෂත්වයකි. මෙම වැඩසටහන සඳහා බොහෝ පිරිසක් සහභාගී වූහ.