හදිසි අනතුරකදී සහ රෝගියකු රෝහල කරා ගෙනයාමේදී අනුගමනය කළයුතු ක්‍රියා පිළිබඳ ත්‍රීරෝද රථ රියදුරන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඉංගිරිය ආලෝකා සෞඛ්‍ය මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන් එම වෛද්‍ය මධ්‍යස්ථානයේදී පැවැත්විණි. ඉංගිරිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උදය කුමාර,කාන්තා හා ළමා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ශිරානි දමයන්ති. මහජන සම්බන්ධතා නිලධාරිනී නිලන්ති වනිගසේකර යන මහත්ම මහත්මීන් විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා ඉංගිරිය නගරයේ ත්‍රීරෝද රථ රියදුරන් විශාල සංඛ්‍යාවක් සහභාගී වූ අතර හොරණ මූලික රෝහලේ වෛද්‍යවරුන් වන මංජුල කරුණාතිලක,ඩබ්ලිව්.එම්.එස්.වීරකෝන් යන මහත්වරු විවිධ වෛද්‍ය ක්‍රමවේද පිළිබඳව පිරිස දැනුවත් කළහ. ප්‍රථමාධාර දෙන අන්දම,මූලික ජීවිතාරක්ෂක ක්‍රමවේද, පිළිස්සුම් අණතුරකදී ක්‍රියාකළ යුතු ආකාරය, රුධිර වහනය පාලනය කළ යුතු අන්දම ආදී කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදී ත්‍රීරෝද රථ රියදුරෝ දැනුවත් කරනු ලැබූහ