හඳපාන්ගොඩ, කුරා උඩ,කලුවල වනාන්තරයක කසිප්පු තිප්පොළක් වැටලීමට ගිය ඉංගිරිය පොලීසියේ නිලධාරීන්ගේ ගමන වැළැක්වීම සඳහා වන ලැහැබේ බැඳ තිබූ බේත් කොටන තුවක්කුවක් ඉදිරියෙන්ම ගමන්කළ නිලධාරියෙකුගේ ඇස ගැටීම නිසා සිදුවීමට ගිය අනතුරක් වැළකී ගිය අතර එම තුවක්කුවද, එයට යොදන වෙඩි බෙහෙත්ද සමග තුවක්කුව හිමිකරු බවට සැක කරන 60 හැවිරිදි පුද්ගලයෙකුද අත්අඩංගුවට ගනු ලැබීය. අනතුරුව කසිප්පු තිප්පොළ පිහිටි හේනට ගිය පොලිස් නිලධාරීන් හට එහි පැළක් අටවාගෙන ගෝඩා නිපදවීමේ යෙදී සිටි තවත් සැකකරුවෙකුද සමග ගෝඩා ඩ්රෑම්ස් 1920ක් අත්අඩංගුවට ගැනීමට හැකිවිය.