ඉංගිරිය කළුගඟ ආශ්රීත ඉවුරු ප්රදේශයේ අනවසරයෙන් පවත්වාගෙන ගිය මැණික් ගරන ස්ථානයක් , පසුගිය දා නීතියේ රැහැනට හසුවිය. ඉංගිරිය පොලීසිය සහ හොරණ විශේෂ කාර්ය බළකාය ඒකාබද්ධව සිදු කරනු ලැබු මෙහෙයුමකදී මෙම අනවසර මැණික් ගරන ස්ථානය වටලනු ලැබීය. මෙහිදී සැකකරුවන් පස් දෙනෙකු එම ස්ථානයේදීම අත් අඩංගුවට ගත් අතර වැටලීම සිදුවන අතරතුර අනෙකුත් සැකකරුවන් කිහිප දෙනෙකු පලා ගොස් ඇත.මෙම පලා ගිය සැකකරුවන් නීතියේ රැහැනට කොටු කර ගැනීම සඳහා ඉංගිරිය පොලීසිය සහ හොරණ විශේෂ කාරය බළකාය ඒකාබද්ධව ඉදිරි විමර්ෂණ කටයුතු සිදු කරන බවට අපට දැනගන්නට ලැබී ඇත. සැකකරුවන්ට අමතරව ජල මෝටර් කම්ප්රෙෂර් යන්ත්ර , ඔක්සිජන් ටැංකි , ගැරුම් වට්ටි ඇතුලුව අනවසර මැණික් ගැරීමට යොදා ගත් උපකරණ රාශියක් එම ස්ථානයේදී අත් අඩංගුවට ගනු ලැබීය.