ඉංගිරිය පොලිස් බල ප්රදේශයට අයත් අරකාවිල,දුල්ලැහැර,ගිරංචි කන්දේ වනගත පෙදෙසක කරන ලද මෙහෙයුමකදී ගෝඩා බැරල් 4ක් අත්අඩංගුවට ගැනීමට ඉංගිරිය පොලීසියට හැකිවිය. ඉංගිරිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උදය කුමාර මහතාට ලැබුණු තොරතුරක් මත වැටලීම සිදු කෙරුණි. වැටලීමේදී සැකකරුවන් පැනගොස් ඇති අතර ඔවුන් අද හෙටම අත්අඩංගුවට ගැනීමට පොලීසිය ලුහුබඳියි. පානදුර පොලිස් අධිකාරී එච්.එම්.ධර්මසේන මහතාගේ උපදෙස් පරිසි හොරණ සහකාර පොලිස් අධිකාරී සමන් රත්නායක මහතාගේ අධීක්ෂණය යටතේ ඉංගිරිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උදය කුමාර මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැටලීම සිදුකෙරුණි.