කොළඹ රථවාහන මූලස්ථානය , ඉංගිරිය පොලිස් රථවාහන අංශය , හොරණ මූලස්ථාන පොලිස් රථ වාහන අංශය ඒකාබද්ධව සංවිධානය කරනු ලැබූ මාරග නීති සහ රිය අනතුරු පිළිබඳ විශේෂ වැඩමුලුවක් ඉංගිරිය ගාමිණි මධ්‍ය මහා විද්‍යාලයේදී පසුගියදා පවත්වනු ලැබීය. මේ සඳහා පාසල් සිසුන් විශාල ප්‍රමාණයක් සහභාගි විය.විශේෂ දේශන , මහා මාර්ගය නිසි අයුරින් භාවිතා කරන ආකාරය දැක්වෙන නාට්‍ය අංගයන් සහ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් ආදී ලෙස මෙම වැඩමුළුව පැවැත්විය.මාර්ග නීති සහ ඒවා පිළිපැදීමේ වැදගත් කම , මහා මාර්ගය නිවැරදි ලෙස භාවිතා කරන ආකාරය , මාර්ග අනතුරක් වලක්වා ගන්නා ආකාරය පිළිබඳව පාසල් ළමුන් දැනුවත් කිරීමක් මෙහිදී සිදු විය. කොළඹ රථවාහන මුලස්ථාන සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව්.ඩී.ඒ.ධනංජය මහත්මා හොරණ මූලස්ථාන පොලිස් රථ වාහන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පණ්ඩිතරත්න මහත්මා සහ ඉංගිරිය පොලිස් රථ වාහන අංශ ස්ථානාධිපති බී.එස්.විජේරත්න මහත්මා ප්රමුඛ පොළිස් නිළධාරීන් විශාල සංඛ්‍යාවකගේ දායකත්වය මේ සඳහා ලැබී තිබෙනු අපට දක්නට ලැබුනි. කොළඹ රථ වාහන අංශයේ , අධ්‍යාපන අංශයේ ස්ථානාධිපති සේනක ගමගේ මහතා විසින් මෙහි ප්‍රධාන දේශනය පවත්වනු ලැබීය.ඉතා සාර්ථක වැඩමුළුවක් ලෙස නිමාව දුටු මෙම වැඩසටහන සඳහා පූර්ණ අනුග්‍රහය සපයන ලද්දේ කොළඹ 14 හි පිහිටි යුනිලීවර් ශ්‍රී ලංකා සමාගමෙහි මෝටර් රථ ප්‍රවාහන අංශය විසිනි.ප්‍රශ්න විචාරාත්මක තරඟයේ ජයග්රහක සිසුන්ට ලබා දුන් වටිනා තෑගි සඳහාද අනුග්‍රය දක්වන ලද්දේ මෙම සමාගම විසිනි.එහිදී එම සමාගම නියෝජනය කරමින් යුනිලීවර් ආයතන පරිපාලන කළමනාකාර උදිත කරුණාරත්න මහත්මා සහභාගී විය.