ඉංගිරිය හිඟුරුවැල්ල දොඹගස්කන්ද ප්‍රදේශයේ කටුමැටි පැලක දිවි ගෙවූ පවුලකට නව නිවසක් තනා පරිත්‍යාග කිරීම පසුගියදා සිදුවිය. සමෘද්ධි අධිකාරියේ “දිරිය පියස නිවාස වැඩසටහන” යටතේ ඉදිකිරීම් ආරම්භ කළ මෙම නිවසේ කටයුතු ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් චම්පා උපසේන මහත්මියගේ මග පෙන්වීම මත සමෘද්ධි කළමනාකාර අධ්‍යක්ෂවරිය වන ජයන්තා රුක්මණී මහත්මියගේ අධීක්ෂණය යටතේ සිදු කෙරිණි. දොඹගස්කන්ද සමෘද්ධි සංවර්ධන නිලධාරී ටී.ඒ. ලක්ෂ්මන් මහතා මෙම නිවස හැකි ඉක්මණින් ඉදිකර අවසන් කිරීම සඳහා ඇපකැප වී කටයුතු කළ අතර සමෘද්ධි සමාජ සංවර්ධන නිලධාරී පී.ඒ. අජිත්සිරි මංජුල මහතාද ඒ සඳහා අවශ්‍ය සහයෝගය තමාට හැකි උපරිමයෙන් ලක්ෂ්මන් මහතාට ලබා දුන්නේය. කටුමැටි පැලක දිවි ගෙවූ කේ.වී. කරුණාසිරි සහ සමන්ති සරෝජනී යුවලට නව නිවසක සිහිනය සැබෑ කිරීමේ උත්සව අවස්ථාවට සහභාගීවූ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා නිවසේ පිවිසීමට පීත්ත පටිය කැපීමද එම නිවසේ සාමාජිකාවක් වන කුඩා දැරියකට බාර කළේය. සමෘද්ධි අධිකාරියෙන් යොදවන ලද රුපියල් ලක්ෂයක ප්‍රතිපාදන මුදලින් ගොඩනැගීමේ කටයුතු අරඹන ලද නව නිවස සාර්ථකව සාදා නිම කිරීම සඳහා ප්‍රදේශයේ දානපතියන්ගේද දායකත්වය ලැබුණු අතර ජනතාවගෙන් ඒ සඳහා ශ්‍රම දායකත්වය ලැබුණි. දොඹගස්කන්ද පූර්වාරාම විහාරස්ථානයේ කළුවාගල ධම්මික හිමියන් සුබ නැකතට පිරිත් සජ්ඣායනා කිරීමෙන් නව නිවසට ආශිර්වාද කළ අතර නිමලගම, සමෘද්ධි සංවර්ධන නිලධාරී නිශාන්ත වීරසිංහ, හොරණ ප්‍රාදේශීය සභාවේ උප සභාපති අශෝක රණතුංග යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.