දෙරණ ලිට්ල් ස්ටාර් තරගයෙන් ජය ලැබූ අංජලී මෙත්සරා දැරිය සඳහා උපහාර උළෙලක් ඉංගිරිය නගරයේදී පැවැත්විණි. රිය පෙරහැරකින් ඉංගිරිය නගරය වෙත කැඳවාගෙන විත් නැටුම් කණ්ඩායම් මධ්‍යයේ බස් නැවතුම්පොලෙහි ඉදිකර තිබූ වේදිකාව වෙත පැමිණි ඇය, විශාල ප්‍රේක්ෂක ජනතාවක් මධ්‍යයේ ගීත ගායනා කළහ. හදිසියේ ඇද හැලුනු වර්ෂාව හේතුවෙන් ප්‍රසංගය අතරමග නැවතුනද මෙම අවස්ථාවට බොහෝ පිරිසක් සහභාගී වී සිටියහ.