158 වන උදා ගම්මානය කළුතර දිස්ත්‍රික්කයේ, ඉංගිරිය, නිමලගම ප්‍රදේශයේ ඉදිවූ “ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චිගම” උදා ගම්මානය ජනතා අයිතියට පත්කෙරේ. “ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චිගම” ජනතා අයිතියට පත්කිරීමට සමගාමීව නිවාසලාභීන් 27 දෙනාට නිවාස හිමිකම් පත්‍ර හා රුපියල් ලක්ෂ 324 ක් වටිනා සංවර්ධිත බිම් කොටස් 27 ක හිමිකම ලබාදීම, ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 200 කට රුපියල් ලක්ෂ 400 ක් වටිනා ‘විසිරි නිවාස ණය’, පවුල් 100 කට රුපියල් ලක්ෂ 200 ක් වටිනා ‘සොඳුරු පියස නිවාස ණය’, ප්‍රතිලාභීන් 7 දෙනෙකුට රුපියල් ලක්ෂ 48 ක් වටිනා ‘විරු සුමිතුරු’ නිවාස අධාර, කුරණ උදාකළ ගම්මානයේ පවුල් 38 කට රුපියල් ලක්ෂ 195 ක් වටිනා නිවාස ණය, දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයින් 200 දෙනෙකුට නොමිලේ ඇස් කණ්නාඩි ප්රදානය කිරීම හා ප්‍රාදේශීය කලාකරුවන් 9 දෙනෙකුට රුපියල් 90,000 ක් වටිනා වෛද්‍ය ආධාර ප්රදානය කිරීමද අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරිණි.