හොරණ ප්රාදේශීය සභාව විසින් ඉංගිරිය දුරකථන කුළුණු ඇති කදු මුදුනේ ඉදිකරන දැවැන්ත සමාධි බුදු පිළිමය සදහා මුල් ගල තැබීම විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මැයි මස 20 වනදා සුභ මෙහොතින් සිදුවිය. මෙම අවස්ථාව සදහා ප්රදේශයේ ප්රසිද්ධ ව්යාපාරික ප්රජාව, රජයේ නිලධාරීන් ඇතුලු ප්රදේශවාසීන් රැසක් සහභාගී විය. හොරණ ප්රාදේශීය සභාවේ ගරු සභාපති යාමිත් චන්දන හතුරුසිංහ මහතාගේ ප්රධානත්වයෙන් පැවැති මෙම උත්සවය ප්රදේශවාසීන්ගේ ඉතා දැඩි ප්රසාදයට ලක්විය.