බොහෝ පිරිසක් විනෝදවී නෑමට පැමිණෙන ඉංගිරිය පරෙයිතොට නාන තොටුපල අවට ප්‍රදේශය 25වන ඇසල පොහෝදා බොහෝ පිරිසකගේ සහභාගීත්වයෙන් සුද්ධපවිත්ර කිරීම සිදුවිය. බොහෝ පිරිසකගේ පැමිණීම හේතුවෙන් මෙම ප්‍රදේශය බොහෝලෙස පරිසර දූෂණයට භාජනයවී තිබිණ. පොලිතින්.ප්ලාස්ටික්,වීදුරු ආදී කැලි කසල තැන තැන දක්නට ලැබිණ. බොහෝදෙනා ස්වේච්ඡාවෙන් මෙම කර්තව්‍ය සදහා සහභාගීවූහ. බොහෝ ජනයා ඇදී එන ඉංගිරිය නගරයේ මෙවැනි ප්‍රසිද්ධ ස්ථානයක් පිරිසිදු කිරීම අගේ කළයුතු කටයුත්තකි.