යටවතුර, පනංගල, මාපුටුගල හරහා ඉංගිරිය සිට පාදුක්ක දක්වා ධාවනය වන නව බස් රථයක් ජනතා අයිතියට පත්කිරීම පසුගියදා කුමාර වෙල්ගම ඇමතිතුමා විසින් සිදු කෙරිණි. මෙමගින් විශාල ජනතාවකට සෙත සැලසේ. මන්ද මෙම ගමන් මර්ගයේ බස් රියක් ධාවනය නොවන බැවිනි. හොරණ ප්රාදේශීය සභාවේ ගරු සභාපති යාමිත් චන්දන හතුරුසිංහ මහතා ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් බස්රියෙහි පළමු ගමන් වාරය ධාවනය කිරීම මෙහිදී සිදුවිය.