නාච්චිමලේ මහදොල හා අවට රක්ෂිතය රැකගැනීම සදහා වූ මහා ශ්‍රමදාන ව්‍යාපාරය 2010.09.25 දින ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, හොරණ ප්‍රාදේශීය සභාව, ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, ඉංගිරිය පොලීසිය, ඉංගිරිය අඩවි වන නිලධාරී කාර්යාලය යන ආයතන වල සහභාගීත්වයෙන් පැවැත්විය. ඉතා රමණීය පරිසරයක පිහිටා ඇති ඉංගිරිය නාච්චිමලේ නාන තොටුපල සහ මඩකඩ ආරණ්‍ය සේනාසන පරිශ්‍රය සුද්ධ පවිත්‍ර කිරීමෙන් පසු ප්‍රදේශය පුරා විසිරී තිබූ කැලිකසල විනාශකර ඩෙංගු මර්ධන බැක්ටීරියාව ඉසීම මෙහිදී සිදුවිය.